බාබර් අසාම් අසාර්ථක ශ්‍රී ලංකාවට විතරයි – මවිත කරවන දත්ත වාර්තා මෙන්න!

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති දෙවන T20 තරගය පාකිස්තානය කණ්ඩායම කඩුලු දහයකින් පහසුවෙන් ජයගත්තා.

එහිදි ජයග්‍රහණය උදෙසා ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දුවාර 19යි පන්දු 3ක් තුල කඩුලු බිඳ නොවැටී ඉලක්කය පසුකර ගියා.

නායක බාබර් අසාම් පන්දු 66කින් ලකුණු 110ක් රැස් කළේ හයේ පහර පහක් සහ හතරේ පහර 11ක් සමගින්. මේ බාබර් අසාම්ගේ දෙවෙනි ජාත්‍යන්තර T20 ශතකයයි.

මොහොමඩ් රිස්වාන් පන්දු 51කින් ලකුණු 88ක් ලබා ගත්තා.

මේ අනුව බාබර් අසාම් බාබර් අසාම් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ටෙස්ට් වරම් දිනාගෙන ඇති සෑම රටකටම එරෙහිව එක් අර්ධ ශතකයක් හෝ ලබා ඇති අතර ඔහුට තවමත් එකඳු අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට නොහැකි වූයේ ශ්‍රි ලංකාවට එරෙහිව පමණකි.

බාබර් අසාම් ශ්‍රි ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරගයක රැස් කල ඉහලම ලකුණු ගණන ලෙස ලකුණු 34ක් වාර්තා වෙන අතර ඔහුගේ ලංකාවට එරෙහිව පිතිකරන සාමාන්‍යය 16.29 ක් සහ ප්‍රහාරාත්මක වේගය 89.06ක් වේ.

නිමාවූ ආසියානු කුසලානයේදීත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව දෙවරක් තරග වැදුනු අතර එම තරග දෙකෙහිදිම බාබර් අසාම්ට ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක වීමට හැකි වූයේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button