පොඩි AB වැඩ පෙන්වයි – පිට පිට එල්ල කළ දැවැන්ත හයේ පහර පහ! (VIDEO)

පසුගිය වසරේ දහනමයෙන් පහළ ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩකයන් දෙදෙනෙකු කතාබහට ලක්වුනා.

එක් අයෙක් වූයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුලිත් වෙල්ලාලගේය. අනෙක් ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු ඩෙවල්ඩ් බ්‍රේවිස් ය.

ඩෙවල්ඩ් බ්‍රේවිස් එම තරගාවලියේදි “පොඩි ඒබි ඩිවිලියර්ස්” යන නමින් හැදින්වූයේ ඔහුගේ ප්‍රවේගකාරී පිතිකරණය නිසයි.

පසුව මහේල ජයවර්ධන මැදිහත් වී ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මිලට ගත්තේ ජාත්‍යන්තර වරම් දිනා ගැනීමටත් පෙර විම විශේෂත්වයක්.

මේ වනවිට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ඩෙවල්ඩ් බ්‍රේවිස් සුපිරි පිතිකරණය නිරත වුනා.

එහිදි ඔහු පිට පිට හයේ පහර පහක් එල්ල කිරීම විශේෂත්වයක්.

බේබි ඒබිගේ සුපිරි ඉනිම පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button