බන්ග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඉන්දියාවට පිටු පායි

ඒ අනුව එරට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන්ට තරගාවලියේ ඉතිරි තරග සදහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර හිමි නොවනු ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ එළඹෙන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සහ කණ්ඩායමේ කාර්ය බහුල කාල සටහන මෙයට එක් හේතුවක් බවය.

මේ පිළිබඳව අදහස් දක්වන එරට ක්‍රිකට් සභාපති නස්මුල් හසාන් මාධ්‍යයට පැවසූවේ

“අපේ ජාත්‍යන්තර තරග කාලසටහන අනුව ඔහුට අවසර ලබා දීම කිසිසේත් කළ නොහැකියි. මට කිසිම හැකියාවක් හෝ අවස්ථාවක් පේන්නේ නෑ. ලෝක කුසලානය තියෙන නිසා සෑම තරගයක්ම අපිට වැදගත්” යනුවෙනි.

මින්පෙර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අතරතුර ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමට ඇතැම් රටවල ක්‍රිකට් පාලක මණ්ඩල කටයුතු කළත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අයි.සී.සීයේ පවතින බලය නිසා එය සාර්ථක වූයේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button