“ශකීබ් ආවා, අපේ ජය දැන් ස්ථිරයි, ලාංකිකයනි හැප්පිලා බලමු” ශකීබ්ගේ ආගමනය හේතුවෙන් බංග්ලාදේශ රසිකයන්ගෙන් අභියෝගයක්!

සිම්බාබ්වේ කණ්ඩායම සමග පසුගියදා පැවැති T20 තරගාවලිය සහ එක්දින තරගාවලිය යන ද්විත්වයම බංග්ලාදේශය පරාජයට පත්වූවා.

මේ සමගම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා බංග්ලාදේශ t20 කණ්ඩායමේ නායකයා ලෙස අත්දැකීම් බහුල ශකිබ් අල් හසන් යළිත් පත් කර තිබේ.

ශකීබ් සහ හා බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු එරට ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා.

ඒ සමගම එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයත් නම් කර තිබෙන අතර එරට ක්‍රිකට් ආයතනය පවසන්නේ යළිත් බංග්ලාදේශයට ක්‍රිකට් ජය මාවත් විවර කිරීම උදෙසා එම සංචිතය සඳහා වෙනස්කම් රැසක් සිදු කළ බවයි.

ආබාධයක් හේතුවෙන් ලිටන් දාස් සංචිතයෙන් ඉවත් කර තිබෙන අතර අත්දැකීම් බහුල මුෂ්ෆිකර් රහීම්, සබීර් රහ්මාන්, එබඩොට් හොසේන් හා මොහමඩ් සයිෆුදීන් එරට T20 සංචිතයට ඇතුලත් කර තිබේ.

මේ සමගම බංග්ලාදේශ ක්‍රිකට් රසිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රීතිය සමරමින් සිටිනා අතර ඔවුන් පවසන්නේ ශකීබ්ගේ නායකත්ව ආගමනයත්, මුෂ්ෆිකර් රහීම් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ ආගමනයත් සමග බංග්ලාදේශය යළිත් සුපුරුදු ජයග්‍රාහී මාවතට පැමිණෙන බවයි.

ඇතැම් රසිකයන් ප්‍රකාශ කර තිබුනේ ආසියානු කුසලානයේදි සිය කණ්ඩායම ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කරනු ඇති බවත්ය.

ආසියානු කුසලානය මේ මස 27 වන දින එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය සැප්තැම්බර් 1 වන දා පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලානයට නම් කළ බංග්ලාදේශ සංචිතය,

Shakib al Hasan (C), Anamul Haq Bijoy, Mushfiqur Rahim, Afif Hossain, Mossaddek Saikat, Mahmudullah Riyad, Sheikh Mahedi, Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehedy Hasan Miraz, Ebadot Hossain, Parvez Hossain Emon, Nurul Hasan Sohan, Taskin Ahmed

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button