“අපේ අවසරය නැතුව ඒවා බෑ” ගංගුලිගෙන් දෝනීට අමුතු නීතියක්!

පළමු වරට පැවැත්වෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලීගය (CSA) මේ වසරේ පැවැත්වීමට නියමිතයි.

එහිදි ඉන්දීය ප්‍රීමියර් ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලීගයේත් කණ්ඩායමක් මිලට ගෙන තිබේ.

ජෝබර්ග් සුපර් කිංග්ස් ලෙස නම් කිරීමට නියමිත මෙම කණ්ඩායමේ උපදේශන තනතුර හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිට ලබා දීමට කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර තිබේ.

මෙහි පුහුණුකාරීත්වය හිමිවන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ස්ටෙෆන් ෆ්ලෙමිංග්හටයි.

කෙසේ වෙතත් මහේන්ද්‍ර සිං දෝනිට මේ සඳහා සහභාගී වීමට අවස්තාව නොදීමට සෞරව් ගංගුලිගේ සභාපතීත්වයෙන් යුතු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු හෝ සම්බන්ධයක් පවතින ක්‍රීඩකයෙකුට විදේශීය ලීග සඳහා සහභාගී වීමට කිසිදු අවසරයක් හිමි නොවන බවයි.

” පළමු පෙළ ක්‍රීඩකයන්ගේ ඉදලා කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකුට වෙනත් ලීග සඳහා සහභාගි විය නොහැකියි. එසේ කිරීමට අවශ්‍ය නම් ඔහු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම සමුගත යුතුයි.

දෝනිට මෙම ලීගය සඳහා සහභාගී වීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඔහු ඉන්දීය ප්‍රීමියර් ලිගයෙන්ද සමුගත යුතුයි”

යනුවෙනි. සෞරව් ගංගුලි සහ මහේන්ද්‍ර සිං දෝනී සැලකෙන්නේ ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායකයන් දෙපළක් ලෙසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button