ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් චමරි අතපත්තු ලොව ඉහලටම යයි!

කලක පටන් ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ කොඳු නාරටිය වී සිටින්නේ නායිකා චමරි අතපත්තුය.
පසුගිය සමය පුරාවටම දස්කම් දැක්වූ චමරි අතපත්තු ලොව T20 කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි මුල් දසදෙනා අතරට පැමිණ තිබේ.
ඒ මේ දිනවල පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කාන්තා T20 තරගාවලියේදී චමරි අතපත්තු දැක්වූ සාර්ථක ක්‍රීඩා හරඹය හේතුවෙනි.
පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානයේ පසුවූ චමරි එහි 8 වන ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබේ. ඒ ප්‍රසාද ලකුණු 632ක් ලබා ගනිමින්.
ප්‍රසාද ලකුණු 726ක් රැස් කර සිටින ශෆාලි වෙර්මා තවමත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවෙනවා.
මෙම තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වල චමරි ලකුණු 221ක් රැස් කලේ අර්ධ ශතකයකට වැඩි සමාන්‍යයක් හා 185.71ක සුපිරි ප්‍රහාරාත්මක වේගයක් සමගින්.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වන චමරි බංග්ලාදේශයට එරෙහි තරගයේදී ලකුණු 17කට කඩුලු 3ක් ලබා ගැනීමත් කැපී පෙනුනා.
චමරිගේ මේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඇය T20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණීගත කිරීම්හි හත්වන ස්ථානය කරා පැමිණීමටත් සමත්ව තිබීම විශේෂත්වයක්.