දහසක් පැතුම් පොදි බැද මංගල තරගයට ආ චාමිකට ආබාධයක්!

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය මේ වනවිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ.

එහිදී කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික ගුණසේකර එක්දින වරම් හිමිකරගැනීමට සමත්වුනා. ඔහු දකුණත් මද වේග පන්දු යවන්නෙක්. චාමික ගුණසේකර කණ්ඩායමට තෝරා ගැනීමට කටයුතු කර තිබුනේ තේරීම් කමිටුව සහ නායක දසුන් ශානක එක්වයි.

තරගයේ පළමු පන්දුවාරය නුවන් ප්‍රදීප් යොමුකිරීමෙන් අනතුරුව සිම්බාබ්වේ ඉනිමේ දෙවෙනි පන්දුවාරය සිය මංගල පන්දුවාරය ලෙසින් යොමු කිරීම සිදු කළේද ඔහු විසින්.

එතිදී ඔහුගේ පන්දුවාරයට පහසුවෙන් ලකුණු 8ක් රැස්කරගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන් සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ තෙවෙනි පන්දුවාරය නිමවීමෙන් පසුව චාමික ගුණසේකර ක්‍රීඩාගාරය වෙත ගමන් කරනු දැකිය හැකිවුනා.

පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් චාමික ගුණසේකරට යළිත් ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවුනා.

මේ වනවිට පන්දුවාර 38ක් අවසානයේදී සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු කඩුලු හතරක් දැවී ලකුණු 202ක් රැස්කරගෙන සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button