“කරේ තියෙන මාලේ උගස් කරලා ධාන ශාලාව හදන්න පටන් ගත්තේ, ඇඹුල්දෙනිය, වනිදුලත් උදව් කළා ” චාමික කරුණාරත්න කියූ සංවේදි කතාව! (VIDEO)

චාමික කරුණාරත්න මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක්.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දක්වන චාමික, පසුගිය සමය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බොහෝ ජයග්‍රහණ උදෙසා උර දුන් ක්‍රීඩකයෙක්.

ගාල්ල බලපිටිය ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණෙන චාමික, මෙරට බිහිවූ විශිෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන නිලූක කරුණාරත්නගේ බාල සොහොයුරාද වනවා.

ක්‍රීඩා පිටියෙන් පිටත ඉතාම කාරුණික, ආගමට ලැදි, නිහතමානී ක්‍රීඩකයෙක් වශයෙන්ද චාමික කරුණාරත්න ප්‍රසිද්ධයි.

පසුගියදා චාමික කරුණාරත්න විසින් සිය ගම්ප්‍රදේශය වන බලපිටියේ, ශ්‍රී රාහුලාරාමයේ ධාන ශාලාවක් ඉදිකර දී තිබුනා.

චාමික මෙම ධාන ශාලාව සෑදීම ආරම්භ කර තිබුනේ ඔහු ජාත්‍යන්තර වරම් ලැබීමටත් පෙර වීම විශේෂයි.

ඒ සඳහා ඔහු සිය ගෙළ පැළඳි රන් මාලයක්ද උකස් තබා තිබුනා.

ඒ පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චාමික කරුණාරත්න කියූවේ මෙවන් අදහසක්,

“මුලින්ම මගේ මාලේ බැංකුවට තියලා තමයි වැඩ පටන් ගත්තේ. ඊටපස්සේ හැබැයි මගේ ඔලුවේ තිබුනා මම රටට සෙල්ලම් කරේ නැතිවුනොත් හෝ මට බැරි වුනොත් මම පන්සලේ හාමුදුරුවන්ට කිව්වා මම මේක මාස හයයි දහයයි අතර අනිවාර්යෙන්ම හදනවා කියලා. අවුරුද්දක් ගන්නෑ. මට බැරි වුනොත් මගේ වාහනේ අතන තියෙනවා. මගේ ඔලුවේ තිබුනේ මගේ වාහනේ විකුණලා කොහොමහරි මේක හදන්න.

“හැබැයි මට කොහොමහරි මට ශක්තිය දෛර්යය හමුවුනා. මගේ යාලුවො හිටියා ලසිත් ඇඹුල්දෙණිය, ඉසුරු උදාන, වනිදු හසරංග, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක ගොඩක් කට්ටිය මට උදව් කළා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button