“අසිත මාර ඇටිටියුඩ් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්, අපි ආසියානු කුසලානය දින්නේ අසිත ප්‍රනාන්දු නිසා” චාමික කරුණාරත්න

නිමාවූ ආසියානු කුසලානය අවසන් වූයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට වීරයන් රැසක් දයාද කරමින්.

මූලික වටයේ පළමු තරගයෙන් ඇෆ්ගණිස්ථාන කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වූවත් ඉන්පසුව පැවැති තරග පහම පිට පිට ජය ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරයන් බවට පත් වූයේ සෙසු කණ්ඩායම් හතරම පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙසට ජය මාවතට පැමිණීමට මග විවර වූයේ මූලික වටයේ දෙවෙනි තරගය වූ බංග්ලාදේශය සමග පැවැති තරගයෙනුයි.

එම තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය අභියසක සිටියත් නොසිතූ මොහොතක පන්දු තුනකින් ලකුණු දහයක් රැස් කල අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙතට කැඳවා ගෙන ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලානයේ “සුපර් ෆෝ” වටයට පිවීසිමට අවස්තාව හිමි වූයේ මෙම ජයග්‍රහණයෙන් පසුවයි. යම් කිසි හෙයකින් අසිත ප්‍රනාන්දුගෙ එම ඉනිම නොවන්නට දෙවන තරගයත් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට තිබුනා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මාධ්‍යයට අපූරු කතාවක් කියා තිබුණා.

එහිදි චාමික ප්‍රකාශ කළේ

“අසිත මාර ඇටිටියුඩ් එකක් තියෙන ප්ලේයර් කෙනෙක්. මට මේක කරන්නම ඕන. මම මේක කරනවා කියලා ගේම් එකේ ඉන්නේ. එදා මම අවුට් වෙලා එද්දි මාර Upset එකේ ආවේ. ” චාමි අවුලක් නැ ” කියලා මට ගහගෙන අසිත ගියා. මට තේරුණා මෙයා අනිවාර්යයෙන්ම මොනවා හරි කරයි කියලා. අපි ආසියා කප් එක දිනන්න ලොකුම හේතුව අසිත ප්‍රනාන්දු” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button