“කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු, වනිඳු නොම්මර පහ ?” ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් අලුත්ම පිතිකරණ ලයිස්තුවක්!

එළබෙන ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලයිස්තුව වෙනස් කිරීමට තේරීම් කමිටුවේ සහ කණ්ඩායම් කළමණාකාරීත්වයේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වේ.

ඒ ඊයේ (15) අවසන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 ලීගයේන් පසුව මේ පිළිබඳව සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම තරගාවලිය ජයග්‍රහණය කළ SLC Reds කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළේ කුසල් මෙන්ඩිස්ය.

එහිදි ඔහු ලකුණු අතරට පැමිණීමට සමත් වූ අතර අවසන් මහා තරගයේත් පන්දු 45කට ලකුණු 56ක් ලබා ගත්තා. එමෙන්ම නොම්මර පහ ස්ථානයේ ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දු 14ක් තුල ලකුණු 24ක් ලබා ගත්තා.

ඉන්පෙර පැවැති තරගයේත් කුසල් මෙන්ඩිස් පන්දු 60ක් තුල ලකුණු 86ක් ලබා ගත් අතර, වනිදු හසරංග පන්දු 41ක් තුල ලකුණු 69ක් ලබා ගත්තා.

මේ අනුව බොහෝ විට ආසියානු කුසලානයේදී කුසල් මෙන්ඩිස්ට ආරම්භක පිතිකරණ ස්ථානයක් හමුවීමට ඉඩ තිබේ.

එමෙන්ම වනිඳු හසරංගටත් පිතිකරණ ලයිස්තුවේ උසස් වීමක් ලැබීමටත් ඉඩ තිබෙන බව වාර්තා වේ.

වනිදු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සළකා බැලීමෙන් තවත් අතිරේක පන්දු යවන්නෙක් කණ්ඩායමට එක්කර කණ්ඩායම සමබර කර ගැනීමට තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙන බවත් සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button