“ඇගේ පණ තියෙනකල් රට වෙනුවෙන් මම හාර්ඩ් වර්ක් කරනවා.” චරිත් අසලංකගෙන් සංවේදි කතාවක්!

චරිත් අසලංක මෑත කාලයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් රසිකයන්ගේ ආදරයට ගෞරවයට නොමදව පාත්‍ර වූ ක්‍රීඩකයෙක්.

ඔහු සතු දක්ෂතාවයත්, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව ඉහළ බුද්ධියත්, දැඩි කැපවීමත් එයට ප්‍රධාන හේතුවක්.

නිමාවූ ආසියානු කුසලානයේ සාර්ථක වීමට නොහැකි වූවත් ඉන්පෙර පැවති T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා බවට පත් වූයේ චරිත් අසලංකයි.

ආසියානු කුසලානය පිළිබඳව අදහස් දක්වමින් චරිත් අසලංක මාධ්‍යයට කියූ කතාවක් කතාබහට ලක්වෙමින් තිබේ.

එහිදි සංවේදි වෙමින් චරිත් අසලංක ප්‍රකාශ කළේ

“ට්‍රයි කරනවා. මගේ හැටි ඒක. නැති වෙන්න නැති වෙන්න තව ට්‍රයි කරනවා. ලැබෙනකල්ම ට්‍රයි කරනවා. මම එකම දේ විශ්වාස කරන්නේ හාර්ඩ් වර්කින්. පොඩි කාලේ ඉදන් ගොඩාක් දේවල් ලැබෙන්න පහු වුනා. ඉතිං ඉස්සරහටත් ලැබෙනකල් ඇගේ පණ තියෙනකල් හාර්ඩ් වර්ක් කරන් ඉන්නවා.

ඉතිං එතකොට මගේ විශ්වාසයක් තියෙනවා අපි කරන තරමට දේවල් අපිට ලැබෙනවා කියන එක. ඉතිං ඒ දේවල් කරලා බලාපොරොත්තු වෙනවා රට වෙනුවෙන් කොහොම හරි නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙලා රටට ගොඩාක් කුසලාන සහ මිනිස්සුන්ට සතුටක් ගේන්න.” යනුවෙනි.

චරිත් අසලංක පිළිබඳව මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩිව බලාපොරොත්තු තබා ගෙන සිටිනා අතර මෙරට බොහෝ හිටපු ක්‍රීඩකයන් ප්‍රකාශ කරන්නේ චරිත් අසලංක විශිෂ්ඨ නායකත්ව ගුණාංග හෙබි ක්‍රීඩකයෙක් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button