ටෙස්ට් වරම් හිමි කර ගැනීමට පෙරුම්පුරන මහිෂ් තීක්ෂණ වෙනුවෙන් Chennai Super Kings කණ්ඩායම තැබූ සුභ පැතුම් පණිවිඩය.!

ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවන සහ අවසන් තරඟය හෙට දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට 1-0ක් ලෙස ඕස්ට්‍රේලියානුවන් තරඟාවලියේ පෙරමුණේ පසුවනවා.

මේ අතර පසුගිය පළමු ටෙස්ට් තරඟයේ දී දැඩි අසාර්ථක ක්‍රිඩා විලාසයක් පෙන්වු ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය සම්බන්ධයෙන් දැඩි තීන්දු කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව පෙර තරඟ වලදි අතිසාර්ථක වී මෑතක සිට දිගින් දිගටම අසාර්ථක වූ ලසිත් ඇඹුල්දෙනියට විවේක කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇති අතර අනෙක් දඟපන්දු තුරුම්පුව වන ප්‍රවීන් ජයවික්‍රමටද කොරෝනා වෛරසය වැළඳී තිබීම හේතුවෙන් මේ වන විට නිරෝධානය වෙමින් පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට මහීෂ් තීක්ෂණව සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේව කැඳවා තිබෙනවා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම තවමත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නොමැති අතර මහීෂ් තීක්ශන පසුගිය ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Chennai Super Kings කණ්ඩායම නියෝජනය කළා.

මහීෂ්ගේ පලමු ටෙස්ට් තරඟය වෙනුවෙන් CSK සුබ පැතුම් එක් කර තිබුණා.

Chennai Super Kings කණ්ඩායම සුභ පැතුම් එක්කර තිබුනේ මෙලෙසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button