මිකී ආතර් නැවැත්වූ තැනින් අරඹා නම් දැරූ ප්‍රභල කණ්ඩායම් අතරට නැවතත් ශ්‍රී ලංකාව ඔසවා තබන ගමන ඇරඹු ක්‍රිස් සිල්වර්වූඩ්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ ආකෘති තුනෙහිම මේ වන විට අති සාර්ථක පිබිදීමක් පෙන්නුම් කරමින් සිටින අතර ඊයේ අවසන් වූ ඔස්ට්‍රේලියාව සමග පැවති පුර්ණ තරඟාවලිය ද අති සාර්ථක ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එමෙන්ම මෙම තරඟාවලිය නව ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් මහතා මෙහෙයවූ පළමු පුර්ණ තරඟාවලිය ද වනවා.

ක්‍රිස් සිල්වර්වූඩ් ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු විදිහට මේ දක්වා සාර්ථක වෙලා තියෙනවා.
මේ සාර්ථකත්වයට හේතු විදිහට කාරණා කිහිපයක් දකිනවා.

01.) හිටපු පුහුණුකරු මිකී ආතර් නවත්තලා ගිය තැනින් සිල්වර්වූඩ් පටන් ගත්තා. ටීම් එක අච්චාරුවක් කරේ නැ.. නතර කරලා ගියපු තැනින් පටන් අරන් වැඩ ටික කරගෙන ගියා.

02.) ක්‍රීඩකයින්ට කොන්ෆිඩන්ස් දුන්නා. ෆේල් වුනා කියලා කන්ඩායමෙන් විසි කරේ නැ.. එයාලට කොන්ෆිඩන්ස් දීලා පෙර කරපු වැරැද්ද හරි ගස්සලා ඊලග තරගයට සූදානම් කරා.

03.) ක්‍රීඩකයින් හරි තැන්වල යොදා ගත්තා. ටීම් එක අච්චාරුවක් කරේ නැ.. පෙර ක්‍රීඩා කරපු තැන් වලම ඔවුන්ට ක්‍රීඩා කරන්න දීලා එයාලගේ කොන්ෆිඩන්ස් වැඩි කරන්න බැලුවා.

04.) වැරැද්දක් වුනාම ඒක පෙන්වලා දීලා ක්‍රීඩකයින්ට පීඩනයක් දෙන්නේ නැතුව වැඩේ කරගෙන යනවා.
ඉතිං පුහුණුකරුවෙක් විදිහට ඔහු මේ දක්වා සාර්ථක වෙන්න මේ හේතුන් බෙහෙවින් බලපෑවා. මේ යන ගමන ඇත්තටම හොදයි.

තාම කන්ඩායම ඔහුට ලැබුනා විතරයි. තව කන්ඩායමේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් පුරප්පාඩු ටිකක් අපිට තියෙයි සකස් කර ගන්න. හැබැයි ඉතිං ඒකත් බැරි වෙන එකක් නැ.. මොකද දැන් ඉස්සර වගේ දනංජය ද සිල්වා වගේ ප්ලෙයර්ස්ලා බැටිං ඕඩර් එකේ තරගයෙන් තරගය හතර වටේ ගස්සන්නේ නැ..

සිල්වර්වූඩ් මිකී ආතර් නවත්තපු තැනින් පටන් අරන් ප්ලෙයර්ස්ලා එක්ක කතා කරලා අලුත් දේවල් කියා දීලා එයාලගේ වැරදි හදලා ආත්ම විශ්වාසය ඇති කරලා ලස්සනට මේ වැඩේ කරගෙන යනවා.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිණි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button