කෝච් මහේල එංගලන්තයේත් වැඩ පෙන්වයි – හන්ඩ්‍රඩ් තරගාවලියේ පෙරමුණ මහේලගේ කණ්ඩායමට

මේ වන විට ලොව සෑම ලීග් තරගාවලියකටම නැතිවම බැරි පුහුණුකරුවෙක් වී සිටින හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන,  එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියේත් දක්ෂතා දක්වමින් සිටියි.

මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් කණ්ඩායම මේ වන විට එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

ක්වෙන්ටන් ඩී කොක්, ජේම්ස් වින්ස්, පෝල් ස්ටර්ලිංග්, කොලිං ග්‍රැන්ඩ්හෝම් සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පිතිකරුවන් ලෙසට කටයුතු කරනවා.

ක්‍රිස් ජෝර්දාන්, ඩැනි බ්‍රිග්ස් හා ජේක් ලින්ටට් ඇතුලු ක්‍රීඩකයන් කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස කටයුතු කරනවා.

මෙවර තරගාවලිය යටතේ ක්‍රීඩා කළ පළමු තරග දෙකම පරාජයට පත් සදර්න් බ්‍රේව් කණ්ඩායම, ඉන්පසුව ක්‍රීඩා කළ තරග 5න් තරග 4ක්ම ජය ගැනීමට සමත් වුණා. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අතහැර දැමුණා.

තරගාවලියේ කාන්තා අංශයේ ද පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ සදර්න් බ්‍රේව් කණ්ඩායම වීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button