ලෝක කුසලානයේ විස්තර විචාරක කමිටුව නම් කෙරේ – ශ්‍රී ලංකා නියෝජනය මෙන්න!

එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය උදෙසා දායකත්වය ලබා දෙන ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

විශේෂත්වය වන්නේ ඒ සඳහා මින්පෙර ක්‍රීඩකයන් ලෙස කටයුතු කළ හිටපු කොදෙව් නායක ඩැරන් සැමී, දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් හා ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වොට්සන් ඇතුලත් කර තිබීමයි.

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නියෝජනය හිමිව තිබෙන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් හටයි. මින්පෙර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ නියෝජනය වූ කුමාර් සංගක්කාරට මෙවර තරගාවලියේ අවස්තාව හිමිව නැහැ.

මෙහිදී විශේෂත්වය වන්නේ ඉන්දියාවෙන් විස්තර විචාරකයන් සිවුදෙනෙකු නම් කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබීමයි. වෙනත් කිසිම රටකින් එලෙසට විස්තර විචාරකයන් දෙදෙනෙකුට වඩා නම් කර නැහැ.

හර්ෂ බොග්ලේ, සුනිල් ගවස්කාර්, අනුජුම් චොප්රා සහ මුරලි කාර්තික් ඉන්දියාව නියෝජනය කරමින් විස්තර විචාරකයන් ලෙස තරගාවලියට එක්වෙනවා.

ලෝක කුසලානය උදෙසා සහභාගී වන විස්තර විචාරක මඩුල්ල,

Nasser Hussain, Harsha Bhogle, Ian Bishop, Natalie Germanos, Sunil Gavaskar, Michael Atherton, Simon Doull, Anjum Chopra, Murali Kartik, Athar Ali Khan, Bazid Khan, Mpumelelo Mbangwa, Preston Mommsen, Danny Morrison, Mark Nicholas, Niall O’Brien, Alan Wilkins, Russel Arnold.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button