ක්‍රිකට් පරිපාලනයේ සුරතලා – කුසල් මෙන්ඩිස් දඬුවමෙන් රැක ගැනීමට කුමන්ත්‍රණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට ක්‍රිකට් එපා කරවූ තෙවන විස්සයි විස්ස තරග පරාජය මෙරට ක්‍රිකට් රසිකයන් දැඩි ශෝකයටත් කනගාටුවටත් පත් කිරීමට සමත් වුනා.

එම තරග පරාජය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු කණගාටුවක් හෝ ශෝකයක් ඇති කර නැති බවටත්, ඔවුන්ගේ එංගලන්ත සංචාරය හුදෙක් විනෝද චාරිකාවක් වූ බවටත් දැන් හෙළිව තිබේ.

ඒ තරගාවලියේ දිගින් දිගටම අසාර්ථක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂක බුබුළද කඩ කරමින් දුම් පානය කරන අවස්තාවක වීඩීයෝවක් මෙරට ක්‍රිකට් රසිකයෙකුගේ කැමරාවක සනිටුවහන් වීමෙනි. තරග පරාජයෙන් පසුව මෙරට රසිකයන් කඳුලු පුරවාගෙන සිටිද්දී මෙම ක්‍රීඩකයන් මෙලෙසට හැසිරීම විශේෂත්වයකි.

මෙම ක්‍රීඩකයන් පිරිස ඩර්හැම් නගරයේ රාත්‍රී සමාජජාලා පවතින ප්‍රදේශයක මෙලෙසින් රාත්‍රීයේදි දුම්පානය කරමින් ගැවසීම විශේෂත්වයකි.

මෙම සිදුවීම සමාජජාලා මාධ්‍යය්‍යේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන්නේ අන්ත පරාජයට ලක්වීමෙන් පසු රසිකයන් Unfollow Cricketers රැල්ල ආරම්භ කර තිබෙන පසුබිමකය. මෙම සිදුවීමත් සමග රසිකයන් මෙම ක්‍රීඩකයන් තිදෙනාට දැඩි දඬුවම් දෙන ලෙසට ඉල්ලමින් සිටිනවා.

මේ මෙම ක්‍රීඩකයන් විනය කඩකරමින් හැසුරුනු ප්‍රථම අවස්තාව නොවේ. මින්පෙර කුසල් මෙන්ඩිස් බීමත්ව රිය පදවා පුද්ගලයෙකු අනතුරකට පත් කළා, පසුව එම පුද්ගලයා මිය ගියා. ධනුෂ්ක ගුණතිලක මාතර සංචාරක හෝටලයකදී විදේශීය කාන්තාවකට අතවර කිරීමට ගොස් පහර කා තිබුනා.

කෙසේවෙතත් සුපුරුදු ලෙසින් මෙරට ක්‍රිකට් පාලනාධිකාරය මෙම ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට කටයුතු කළා. එම හේතුවෙන් මෙම ක්‍රීඩකයන්ද දිගින් දිගටම විනය විරෝධි කටයුතු වල නිරත වෙමින් සිටියා. පසුගියදා එංගලන්ත කණ්ඩායම වසර නවයක් පැරණි ට්විටර් පණිවිඩ සඳහා යොවුන් ක්‍රීඩක ඔලී රොබින්සන්ට තරග තහනමක් පැනවූවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අනුගමනය කරන්නේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රියාමාර්ගයක්.

මේ අතර සුපුරුදු ලෙස මෙම ක්‍රීඩකයන් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැමෙක් සුදානමින් සිටින බවට වාර්තා වෙනවා. ඒ මෙම ක්‍රීඩකයන් තිදෙනාට තාවකාලික තරග තහනමක් පනවා, සිදුවීම රසිකයන්ට අමතක වූ පසු නැවතත් මොවුන් කණ්ඩායමට ගෙන ඒමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් රසිකයන් මේ පිලිබඳව දැඩි අවදානයෙන් සිටින අතර සමාජජාලා වල මෙම සිදුවීමට සාධාරණයක් ඉටු කරන ලෙසට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගෙන්ද ඉල්ලීමක් කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button