කුසල් මෙන්ඩිස් දවා ගත් පන්දුවට දකුණු අප්‍රිකාවේදි සම්මානයක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය පවත්වන එරට වාර්ෂික ක්‍රිකට් සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුනා.

එහිදී වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ වේග පන්දු යවන ක්‍රීඩක අන්රිච් නොකියා (Anrich Nortje) විසිනි. එමෙන්ම වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ගේ ක්‍රීඩකයා සහ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩකයා (ඒඩ්න් මාක්‍රම් සමග සම ජයග්‍රහනයකි) යන සම්මාන ද අන්රිච් නොකියා විසින් දිනා ගැනීම විශේෂත්වයක්.

රසී වැන් ඩර් ඩුසේන් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා. වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි වූයේ ටබ්රයිස් ශම්සි හටයි. ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ රැදී සිටීමත් විශේෂත්වයක්.

වසරේ විශිෂ්ඨතම පන්දුව සම්මානය හිමි කර ගත්තේ ශ්‍රී ලංකාව සමග ජොහැනස්බර්ග්හි පැවැති දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී කුසල් මෙන්ඩිස් දවා ගැනීම සදහා වියාන් මුල්ඩර් යොමු කළ පන්දුව වීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button