ධනංජය ලක්ෂාන්ට අද විස්සයි විස්ස වරම් – මෙතෙක් කල් කපා ඇත්තේ ජ්‍යේෂ්ඨයෙක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තෙවෙනි විස්සයි විස්ස තරගය අද (29) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි පැවැත්වෙනවා.

අද තරගයට ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් විස්සයි විස්ස වරම් හිමිකර ගනු ඇතැයි වාර්තා වෙනවා. ඒ පෙරදින තරගයේදි ආබාධයකට ලක්වූ ඉසුරු උදාන වෙනුවටයි.

ධනංජය ලක්ෂාන් LPL තරගාවලිය ඇතුලු තරගාවලි වල පසුගිය සමයේ දක්ෂතා දැක්වූ නමුත් ඔහුට තරගාවලියේ මෙතෙක් කිසිඳු අවස්තාවක් හිමි වුනේ නෑ. ඒ නායක දසුන් ශානක විසින් ධනංජය ලක්ෂාන් වෙනුවට ඉසුරු උදාන ඉල්ලා සිටීම හේතුවෙන්.

ධනංජය ලක්ෂාන්ද මද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර දසුන් ශානකද මද වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ධනංජය ලක්ෂාන් කණ්ඩායමට පැමිණ ස්ථාවර වුවහොත් එය දසුන් ශානකගේ ස්ථානයට පීඩනයක් වීම හේතුවෙන් මෙලෙසට සිය ක්‍රීඩා කරන 11ට ලබා නොගැනීමට කටයුතු කර තිබෙන බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button