“මේක අද ඊයේ ඉදං තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දිගින් දිගටම වෙච්ච දෙයක්”, පරාජයෙන් පසු දසුන් හේතු කියූ හැටි!

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් T20 තරගයත් ඉතා පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුනා. ඒ ශ්‍රී ලංකාව කඩුලු දහයකින් පරාජය කරමින්. මේ සමගම තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයක් ලැබීමටද ඔවුන් සමත් වුනා.
තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදි පරාජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දැක්වූවා. එහිදි ඔහු ප්‍රකාශ කළේ කුසල් ජනිත් ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ සංයුතිය ස්ථාවර තත්ත්වයක නොතිබූ බවයි.
කණ්ඩායමේ පිතිකරුවන් මෙයට වඩා විශ්වාසයකින් පිතිකරණයේ නිරත වෙමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතු බවත්, නිමා වූ තරගාවලියේ දී දකුණු අප්‍රිකානු දග පන්දු යවන්නන් ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට වඩා හොදින් පන්දු යොමු කළ බවත් දසුන් ශානක මෙහිදී පෙන්වා දුන්නා.
“හැම වෙලාවෙම බලන්න ඕනෙ කඩුලු අතැතිව ඉනිම ගොඩ නගන්න. අපිට එක බැරි කමක් නෙවෙයි තියෙන්නේ. එක මැච් එකක හරියට ක්ලික් වෙන තමයි ප්‍රශ්නෙ. එක මැච් එකක වැදුණනම් මම හිතනවා ඒක දිගටම තියෙයි කියලා.”
“මොකද මෑත කාලය ගත්තොත් මේ තරගාවලිය විරතක් නෙවෙයි පහුගිය අවුරුදු කිහිපය තුළම ඔය ප්‍රශ්නෙ තිබ්බ. අපි අන්තිමට ලකුණු 180ක් ගැහුව මැච් එකක් අරගෙන බැලුවොත් ගහන්න ඇත්තේ සෑහෙන කාලෙකට කලිං. ඉතිං මේක අද ඊයේ ඉදං තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දිගින් දිගටම වෙන දෙයක්.” යනුවෙන් එහිදී දසුන් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ දී මෙම ගැටලු සකස් කර ගත යුතු බවත්, දසුන් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළා.