“මෙතන ඉන්න මාධ්‍යවේදියො කීදෙනෙක් ඩොමෙස්ටික් තරග බලන්න යනවද” මාධ්‍ය හමුවේදී නායක දසුන් ශානකගෙන් සැර කතාවක්!

ආසියානු කුසලාන ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ මාධ්‍ය හමුවක් ඊයේ (15) පැවැත්වුනා.

ඒ ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා, ආසියානු කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායක දසුන් ශානක ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙහිදි දසුන් ශානක මාධ්‍යයයේ සහ ක්‍රිකට් රසිකයන්ගේ අවදානයට ලක් විය යුතු කලාපයක් පිළිබඳව දසුන් ශානක අදහස් දැක්වූවා.

එනම් මෙරට පළමු පෙළ තරග වලට මීට වඩා මාධ්‍යයේ සහ රසිකයන්ගේ අවදානය ලක් විය යුතු බව කියමින්.

එහිදි දසුන් ශානක ප්‍රකාශ කළේ,

“මම කලිනුත් සඳහන් කළා අපේ ඩොමෙස්ටික් තරග නරඹන්න කවුරුත් එන්නෑ. මීඩියා අද මෙතනට ඇවිල්ලා ඉන්නවා සෑහෙන කට්ටියක්, ඔගොල්ලොන්ගෙන් මන් ප්‍රශ්නයක් ඇහුවොත් ඕගොල්ලෝ කීයක් ඩොමෙස්ටික් මැච් බලන්න යනවද කියලා, ඔයගොල්ලො කවුරුත් බලන්න යන්නේ නැහැ.

එතකොට ඒක අඩුපාඩුවක්, මොකද අපි දන්නවා වෙන රටවල Star Sports, ESPN වගේ චැනල් වල ඇනලසීස් යනවා. අපේ රටේ ඒක නැහැ. නායකයෙක් විදියට අපි හැමෝම දන්නවා අපේ රටේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන ආකාරය මොකක්ද කියලා.”

යනුවෙනි.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button