ලෝක කුසලානයට පිටත් වීමට පෙර දසුන් ශානක කියූ කතාව!

එළඹෙන 16 වෙනිදා සිට ඇරඹෙන T20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන ඕමාන තරගාවලිය ලෝක කුසලානයේ සූදානම සදහා ඉතා වැදගත් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ලෝක කුසලානය සහ ඉන්පෙර යෙදෙන ඕමාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (4) ඕමානය බලා පිටත්ව ගිය අතර, ඊට පෙර අදහස් දක්වමින් දසුන් ශානක මේ බව ප්‍රකාශ කළා.

මෙහිදි අදහස් දැක්වූ නායක දසුන් ශානක ප්‍රකාශ කළේ

“මුලින්ම මූලික වටයේ තරග 3 ජය ගැනීම තමයි සැලසුම වෙලා තියෙන්නේ. ඉතිං ඒ තරග 3 ජයග්‍රහනය කරලා ප්‍රධාන තරගාවලියට ගිහිල්ලා ඒ ප්‍රධාන තරගාවලියේ තියෙන තරග පියවරෙන් පියවර ගිහිං ජයග්‍රහනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.” යනුවෙනි.

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම ලෝක කුසලානය උදෙසා සුදුසුකම් ලබා නොමැති අතර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව තිබේ. එහිදී මූලික වටයේ තරග වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධනත් උපදේශකයෙකු ලෙස කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

මහේලගේ ආගමනය පිළිබඳව අදහස් දක්වමින් දසුන් ශානක,

“අපි දන්නවා ඔහු කොයි වගේ උපක්‍රමශීලී නායකයෙක් ද ක්‍රීඩකයෙක් ද කියලා. අයි.පී.එල් තරගාවලියෙන් පස්සේ කෙලින්ම අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙන්නේ. ඉතිං. ඒක ලොකු වාසියක් වෙයි කියලා හිතෙනවා.” යනුවෙන්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

දසුන් ශානක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button