ධනංජය ද සිල්වා ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට – මැතිවුස් පුහුණුවීම් අරඹයි!

එළඹෙන T20 ලෝක කුසලානය උදෙසා නම් කළ සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

මෙයට හේතුව වන්නේ ඔහු විසින් පසුගිය සමයේ දිගින් දිගටම විස්සයි විස්ස තරග රටාවේ ප්‍රදර්ශනය කළ දුර්වල තරග රටාවයි.

මේ අනුව ඔහු මූලික සංචිතයෙන් ඉවත් කොට, අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් නම් කිරීමේ තේරීම් කමිටුවේ සුදානමක් පවතින බවට ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ධනංජය ද සිල්වාගෙන් හිස් වන ස්ථානය උදෙසා ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළ හැකි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකු පිළිබඳ සළකා බැලීමට තේරීම් කමිටුව සුදානමින් සිටින බවත් වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ මින්පෙර ලෝක කුසලාන සංචිතයට ඇතුලත් නොකෙරුනු ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිවුස් එක්වරම සිය පුහුණුවීම් යළිත් වරක් අරඹා තිබෙන බවයි.

34 හැවිරිදි ඇන්ජලො මැතිවුස්, පසුගිය සමයේ ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් සළකා බැලීම නවතා දැමුවා. ඒ යොවුන් ක්‍රීඩකයන් ආශ්‍රිතව කණ්ඩායම ගොඩ නගනවා යැයි කියමින්.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වාගෙන් හිස් වන ස්ථානයට මැතිවුස් කැඳවීමේ වැඩි ඉඩක් පවතින බවත්, ඔහු යළිත් පුහුණුවීම් ඇරඹූවේත් ලෝක කුසලානය ඉලක්ක කරමින් බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button