ඩිල්ෂාන්ගේ සහෝදරකම යළිත් උතුරයි – උපුල්ගෙන් පසු ජයසූරියත් තමන්ගේ ඕස්ට්‍රේලියානු පිලට ගනියි

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් විසින් නායකත්වය දරන ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිඩාකිරිමට සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියද එක්කර ගෙන තිබේ.

ඒ මුල්ග්‍රේව් නායක ඩිල්ෂාන් කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් සිදු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින්.

මින්පෙර තිලකරත්න ඩිල්ෂාන්ගේ තවත් ආරම්භක පිතිකරණ සඟයෙක් හා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් වන උපුල් තරංගද මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජයට එක්කර ගත්තා.

තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙලෙසට සිය සගයන් තමන්ගේ ඕස්ට්‍රේලියානූ ක්‍රීඩා සමාජයට එක්කර ගන්නේ සිය සහෝදර ක්‍රීඩකයන් සමග ඔහුට ඇති අපූරූ සහෝදර බැඳීම හේතුවෙන් බව සමාජ මාධ්‍යයේ සටහන් පළව තිබුනා.

සමාජජාලා මාධ්‍යයේ පළවූ එවන් සටහනක් පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button