පාකිස්තාන සුපර් ලීගයේ අනතුර – ෆෆ් ඩු ප්ලේසිස්ට මතකය අහිමි වෙයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ පසුගියදා පැවැති තරගයක් අතරතුරදී සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් අනතුරට ලක් වුනා.

පන්දු රකිමින් සිටියදී හතරේ පහරක් නැවැත්වීමට උත්සාහ කිරීමේදී පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් හස්නේන්ගේ දණහිසෙහි ඩු ප්ලෙසිස්ගේ හිස වැදී මෙම අනතුර සිදු වුනා.

මෙම අනතුර හේතුවෙන් තමාට යම් මතක ශක්තියක් අහිමි වූ බව ෆෆ් ඩු ප්ලෙසිස් පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඩූ ප්ලේසිස් මේ බව සඳහන් කරනවා.

මෙම අනතුරින් පසුව හිස ස්කෑන් කිරීම සඳහා ෆෆ් ඩු ප්ලෙසිස්ව රෝහල් ගත කර තිබුණා.

පසුව ඩු ප්ලෙසිස් මේ බව ප්‍රකාශ කර තිබුණා. ඩු ප්ලේසිස් තරගාවලියේ ක්වොටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර මේ වනවිට අනතුරින් සුව වෙමින් පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button