එංගලන්තය ගිම්හාන තරග කාල සටහන නිවේදනය කරයි – ශ්‍රී ලංකාවටත් තරග සංචාරයක්!

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2023 වසරේ ගිම්හාන සෘතුවට අදාළ සිය ජාත්‍යන්තර තරග කාලසටහන ඌයේ (21) නිවේදනය කළා.

එහිදි ඔස්ට්‍රේලියාවට සමගින් තරග 5 කින් යුත් අලුබදුන ටෙස්ට් තරගාවලිය මෙන්ම අයර්ලන්තය කණ්ඩායමටත් ටෙස්ට් තරගයක් ලබා දීම විශේෂත්වයක්.

එම රටවල් දෙකට අමතරව නවසීලන්ත කණ්ඩායමටත් ගිම්හාන තරග වාරයේදී එංගලන්තයේ තරග සංචාරයක් හිමිව තිබේ.

මෙන්ම එංගලන්ත කාන්තා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටත් තරග සංචාර යෙදී තිබේ.

ගිම්හාන කාර්තුවේ එංගලන්තයේ ප්‍රධාන තරගාවලිය වන අලුබදුන තරගාවලිය ජූනි 16 වැනිදා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, තරගාවලිය ජූලි 31 වැනිදා අවසන් වනවා.

තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ද, තෙවැනි ටෙස්ට් තරගය ලීඩ්ස් හි හෙඩිංලි ක්‍රීඩාංගනයේ දී ද, සිව්වැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර්හි එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී ද, අවසන් තරගය ලන්ඩන් හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්පසුව එංගලන්තය හා නවසීලන්තය අතර තරග 4 කින් යුත් T20 තරගාවලියක් හා තරග 4 කින් යුත් එක්දින තරගාවලිය ඇරඹෙනවා.

වසරේ වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන රට වන එංගලන්ත කණ්ඩායම වෙනත් ලීග පැවැත්වෙන සමයන්හිදි ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ගිම්හාන තරග වාරය අවසන් කරමින් එංගලන්ත කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව එක්දින තරග 3 ක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button