ඇමෙරිකානු ක්‍රිකට් අධිරාජ්‍ය ප්‍රබල වේ – ලෝක ශූර එංගලන්ත වේග පන්දු යවන්නාත් ඇමෙරිකාවට

2019 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට් අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම සමග එක්වී තිබේ. ප්ලන්කට් 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයටත් ක්‍රීඩා කළ සංචිතයේ ප්‍රබලයෙක් වූවා.

මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ කණ්ඩායම නියෝජනය කළ ඔහු එංගලන්න්ත ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට තීරණය කර තිබේ.

අමෙරිකාවේ පැවැත්වීමට නියමිත Major League Cricket තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා මෙලෙසින් ප්ලන්කට් එංගලන්තය හැරදා ඇමෙරිකාවට සංක්‍රමණය වනු ඇත. Minor League Cricket තරගාවලියේ දී ඔහු නියෝජනය කරන්නේ පිලාඩෙල්පියන්ස් කණ්ඩායමයි.

36 හැවිරිදි ලියම් ප්ලන්කට් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 89කට හා T20 තරග 22කට ක්‍රීඩා කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button