භානුක රාජපක්ෂ Galle Gladiators නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි – චමීර,ධනුෂ්ක, කුසල් මෙන්ඩිස් ඇතුළුව ප්‍රභල ක්‍රීඩකයන් රැසක් Gladiators රඳවා ගනී.!

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තෙවන වරටත් පැවැත්වීමේ සියලු කටයුතු මේ වන විට සූදානම් කෙරෙමින් පවතින අතර ක්‍රිඩක වෙන්දේසිය ද හෙට සවස පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව Galle Gladiators කණ්ඩායම තමන් රඳවා ගන්නා ක්‍රිඩකයන් මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

ඒ අනුව දේශිය ක්‍රිඩකයන් 6 දෙනා වන්නේ, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, ලක්ශාන් සඳකැන්, නුවන් තුශාර, දුෂ්මන්ත චමීර සහ පුලින තරංගයි.

විදේශිය ක්‍රිඩකයන් තිදෙනාම පකිස්තාන ක්‍රිඩකයන් වන අතර ඒ Sarfaraz Ahamed, Imad Wasim සහ Faheem Ashraff ය.

මේ අතර පසුගිය LPL තරගමාලාවන් දෙකෙහිදීම Galle Gladiators කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යමින් අනුශූරතාවය කරා රැගෙන ගිය නායක භානුක රාජපක්ෂ කණ්ඩායමෙන් ඉවත්වී තිබෙනවා.

Galle Gladiators කණ්ඩායම සිය රඳවාගත්.ක්‍රිඩකයන් පළිබද තැබු විශේෂ සටහන පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button