නායකත්ව දක්ෂතා ඇගේම තියෙන අසලංකට ක්‍රිකට් ආයතනයෙන් නායකත්ව වගකීමක්!

මෙරට ටෙස්ට් තරගාවලියක් ඇතුලු තරගාවලියකට සහභාගී වීමට පැමිණෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අයත් සිව්දින පුහුණු තරගය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකට වීම විශේෂත්වයක්. චරිත් අසලංක සැලකෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායකත්ව ගුනාංග සහිත ක්‍රීඩකයා බවය.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහො දෙනෙක් පවසන්නේ ඔහුට වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ටත් වඩා තරග කියවීමේ හැකියාව පවතින බවයි.

මෙම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන් බොහො දෙනෙකු සිටියදී නායකත්වය යොවුන් චරිත් අසලංකට ලබා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ විශිෂ්ඨ තීරණයක් බවට විචාරකයන් පෙන්වා දී තිබුනා.

රොෂේන් සිල්වා ද මෙම සංචිතයට කැදවා ඇති අතර, චාමික කරුණාරත්න ද ඊට ඇතුළත්.

ලක්ෂාන් සදකැන්, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් වැනි ටෙස්ට් ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

පාකිස්තාන A කණ්ඩායම සමග පැවැති සිව්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ 20 හැවිරිදි කමිල් මිෂාර ද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට කැදවීමට පියවර ගෙන තිබේ.

මෙම පුහුණු තරගය හෙට(14) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

SLC President’s XI Squad : චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා. මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන්, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්, ලසිත ඇඹුල්දෙනිය, විශ්ව ප්‍රනාන්දු

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button