ඉන්දු පාකිස්‍තාන ගැටුම – මොහොමඩ් අමීර්, හර්බජං සිංග් ට්විටර් අඩවියේ බැන ගනිති!

T20 ලෝක කුසලානයේ ඉන්දීය – පාකිස්තාන තරගය අවසන් වී ඇතත් තරගයෙන් පසුව ඇතිවූ උණුසුම තවමත් අවසන් වී නැහැ.

මේ වනවිට මාධ්‍යයේ සහ සමාජ ජාලා මාධ්‍යයේ දෙපාර්ශවයේ ක්‍රීඩකයන්, හිටපු ක්‍රීඩකයන්, රසිකයන් විවිධ ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

මෙහි තවත් සංසිද්ධියක් ලෙස පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ ඉන්දීය හිටපු ක්‍රීඩක හර්බජං සිංග් අතර ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ මතගැටුමක් හටගෙන තිබේ.

මෙහිදී මොහොමඩ් අමීර් විසින්, ශාහිඩ් අෆ්රිඩි හර්බජං සිංග්ගේ පන්දු හමුවේ පහර දෙන වීඩියෝවක් එක්කරමින් හර්බජං සිං උපහාසයට ලක් කර තිබුනා.

මෙම ට්විටර් පණිවිඩයට දැඩි පිළිතුරක් එක්කරමින් හර්බජං සිංග්, මොහොමඩ් අමීර් මින්පෙර තරග පාවා දීමේ සිදුවීම් විවේචනය කර තිබුනා.

එහිදි හර්බජං සිංග් විසින් ප්‍රකාශ කර තිබුනේ මොහොමඩ් අමීර් වැනි ක්‍රීඩකයන්ට වටින්නේ මුදල් පමණක් බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button