අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අද තරගය ජය ගත යුත්තේ මෙහෙමයි!

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මූලික වටයේ අවසන් තරග දෙක අද පැවැත්වෙනවා.

විරාත් කෝලි විසින් නායකත්වය දරන රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය අද ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි. මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.

කෙසේ වෙතත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද තරගය ප්‍රබල ජයක් ලබා ගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම කණ්ඩායම් දෙක අතරට පැමිණීමේ හැකියාවක් තිබේ.

අද පැවැත්වෙන සෙසු තරගය වන්නේ මුම්බායි ඉන්ඩියන්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරගයයි. මේ තරගය මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට අතිශය වැදගත් වනවා. මන්දයත් තරගාවලියේ අවසන් සිවු දෙනාගේ වටයට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබීමට නම් අද තරගයේ ප්‍රතිඵලය අතිශය වැදගත්.

මේවනවිටත් දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට තේරී පත්වී අවසන්.

ඉතිරි එක් ස්ථානය සඳහා තරගයක් ඇතිව තිබෙන්නේ මුම්බායි ඉන්ඩියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

නයිට් රයිඩර්ස් කණ්ඩායම, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය ලකුණු 86කින් ජය ගැනීම නිසා ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ප්‍රබල ස්ථානයක පසුවෙනවා.

ඔවුන් ප්‍රසාද ලකුණු 14ක් ලබා සිටින අතර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තරගයක් අතැතිව ප්‍රසාද ලකුණු 12ක් ලබා සිටිනවා.

මේ අනුව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම PlayOffs වටයට පිවිසීමට නම් අද තරගය ලකුණු 171ක පරතරයකින් ජය ගත යුතුයි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ෆ්ලේ ඕෆ්ස් වටයට පිවිසීමට නම්,

* අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට සිදුවෙනවා. ඔවුන්ට ප්‍රථමයෙන් පන්දු යැවීමට සිදුවුවහොත් Play Offs වටයට පිවිසීමට ඔවුන්ට අවස්තාවක් හිමිවන්නේ නැහැ.

* ඉන්පසුව තරගය ලකුණු 171කින් ජය ගත යුතුයි. එනම් අවම වශයෙන් මුල් ලකුණු 230ක් පමණ ලබා ලකුණු 60කට අඩුවෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම දවා ගත යුතුයි.

මෙම තරගය අද පස්වරු 7:30ට පමණ අබුඩාබී හිදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button