ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරගාවලිය රූපවාහිනියෙන් නරඹන්නේ මෙහෙමයි!

එළඹෙන ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඕමානය සමග විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග දෙකකින් යුත් මෙම තරගාවලියට අයත් විස්සයි තරග හෙට(7) සහ එළඹෙන 9 වනදා පැවැත්වීමට නියමිතයි. මේ අනුව එම තරග එම නාළිකාව ඔස්සේ නැරඹීමට රසිකයන්ට අවස්තාව හිමිව තිබේ.

තරගාවලියේ ප්‍රථම තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි 20යි 20 තරගය ලබන 9 වනදා රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙම තරග දෙකේ ඉන්දියානු කලාපීය විකාශන අයිතිය හිමිව ඇත්තේ Sony Pictures Sports Network සමාගමටය.

ඒ අනුව Dialog TV හා PEO TV පාරිභෝගිකයින්ට Sony TEN 2 නාලිකාව ඔස්සේ මෙම තරගාවලිය නැරඹිය හැකියි.

YouTube ඔස්සේ තරගාවලිය නැරඹිය හැකි වන්නේ Hari TV YouTube නාලිකාව හරහායි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button