නායක දිමුත් කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයන්ගේ තියුණු සැළසුම හමුවේ Usman Khawaja දැවී ගිය ආකාරය.!

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාන්ගනයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටතීරණය කළ අතර අද දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු සංඛ්‍යාව 99ක් ලබා සිටිනවා.

එහිදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Usman Khawajaව දවා ගැනීමට නායක දිමුත් කරුණාරත්න රමේෂ් මෙන්ඩිස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අපුරු සැලසුමක් ක්‍රියා කරන ආකාරය කැමරා කාචයේ සටහන්ව තිබු අතර ඒ අනුව රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ Usman Khawaja දැවී ගියා.

ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 37ක්

Usman Khawaja දැවී ගිය ආකාරය පහතින් නරඹන්න

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button