“අයි. පී. එල් කණ්ඩායම් දෙකකින් කතා කළා, අයි.පී.එල් ක්‍රීඩා කිරීම මගේ සිහිනයක්” – වනිඳු හසරංග

ඉන්දීය ප්‍රීමීයර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සිය සිහින දෙකෙන් එකක් බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පවසනවා. ඔහු පවසන්නේ ඔහුගේ අනෙක් සිහිනය එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ක්‍රීඩා කිරීම බවයි.
සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමග යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වනිදු මේ බව ප්‍රකාශ කළා. එහිදි ඔහු පැවසූවේ දැනටමත් තමන්ට අයි.පී.එල් කණ්ඩායම් දෙකකින් පමණ ආරාධනා ලැබී ඇති බවයි.
එහිදි වනිඳු ප්‍රකාශ කළේ
“මගේ හීන දෙකක් තියෙනවා. එකක් අයි.පී.එල් ගහන්න. අනිත් එක එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය ක්‍රීඩා කිරීම. මම ඉන්දීය තරගාවලිය හොදට කරා. මට අයි.පී.එල් කණ්ඩායම් දෙකකින් විතර කතා කරා. එයාලා තාම ඒක කතා කරගෙන යනවා. මම බලාපොරොත්තුවෙනවා අවස්ථාවක් ආවොත් අයි.පී.එල් යන්න.
අයි.පී.එල් යනව කියන්නේ මට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්න පුලුවන් වෙයි. මට තාම අවුරුදු 24යි. අයි.පී.එල් ගිහිං ගන්න අත්දැකීම් වෙන කිසිම තැනකින් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ”
යනුවෙනි.