ඉන්දීය නවක කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කලත් මම පුදුම වෙන්නේ නෑ – හිටපු ඉන්දීය තේරීම් කමිටු සභාපති

වත්මන් ඉන්දීය නවකයින්ගෙන් සපිරි තරුණ කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කලත් තමා පුදුමයට පත් නොවන බව, හිටපු ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති MSK ප්‍රසාද් මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ඉන්දීය ක්‍රීඩකයින් අතර විශ්වාසය වැඩි දියුනු වී ඇති බවයි.

” වත්මන් ක්‍රීඩාව සහ අපේ කාලයේ තිබුණ ක්‍රීඩාව ගත්තම ලොකු වෙනසක් මම දකිනවා. ක්‍රීඩකයන්ගේ දක්ශතාවය එතරම් වෙනසක් නැති වුනත් තරගය කෙරෙහි ඔවුන්ගේ තියන විශ්වාසය සහ නිර්භීත බව අපේ කාලයට වඩා වෙනස්. අපිට වඩා පස්ගුණයක් විතර ඔවුන් විශ්වාසයෙන් ක්‍රීඩා කරනවා. උදාහරණයකට ගත්තොත් සූර්‍යකුමාර් යාදෙව් ඔහුගේ පළවෙනි විස්සයි විස්ස තරගයේ ඔහු මුහුණ දුන්න පළවෙනි පන්දුවටම හයේ පහරක් එල්ල කළා. ඒ ලෝකේ හොඳම පන්දු යවන්නෙක්ට. ඒ වගේම ඉශාන් ක්‍රිශන් ඔහුගේ පළමු ඉනිමේම ඉතාමත් ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කළා එංගලන්තයට එරෙහිව. මේ තරුණ කණ්ඩායම ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණය කළොත් මම ඒ ගැන පුදුම වෙන්නේ නැහැ” යනුවෙන් ඔහු විද්‍යුත් මාධ්‍ය සංවාදයකදී අදහස් ප්‍රකාශ කලා..

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button