ICC සම්මාන සඳහා ප්‍රේක්ෂක මනාප පළ කිරීම ඇරඹෙයි – වනිඳු සහ දිමුත් දිනවන්නේ මෙහෙමයි!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් පවත්වන වාර්ෂික සම්මාන උළෙලේ 2021 වසරට අදාළ සම්මානලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සදහා දායකත්වය දැක්වීමේ අවස්ථාව ප්රේක්ෂකයින්ටත් හිමිව තිබේ.
පසුගිය දෙසැම්බර් මාසය අවසානයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රධාන අයි.සී.සී සම්මාන 7ක් සදහා නිර්දේශිත නාම නිවේදනය කළා.
එම සෑම සම්මානයක් සදහාම නිර්දේශිත නාම 4 බැගින් ප්‍රකාශයට පත් කළ අතර, නිර්දේශිත නාම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුත් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
මේ අනුව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ නම නිර්දේශ වී තිබේ.
පසුගිය 2021 වසරට අදාලව වසරේ T20 ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා යොවුන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග නිර්දේශ වී තිබේ/
ඒ අනුව නිර්දේශිත නාම අතරට අයත් ක්‍රීඩකයින් සදහා සිය මනාපය පල කිරීමේ අවස්ථාව ලොව පුරා ක්‍රීඩාලෝලීන්ට මේ වන විට උදා වී තිබෙනවා.
අවසන් ජයග්‍රාහකයා තෝරා ගැනීමේදී එම එම මනාපද අයි.සී.සීය විසින් සළකා බැලීමට නියමිතය.
දිමුත් කරුණාරත්න සදහා මනාපය පල කිරීමට පහත වෙබ් ලිපිනයෙන් පිවිසෙන්න.
www.icc-cricket.com/awards/icc-awards-2021/mens-test-player-of-the-year
වනිදු හසරංග සදහා මනාපය පල කිරීමට පහත වෙබ් ලිපිනයෙන් පිවිසෙන්න.
https://www.icc-cricket.com/awards/icc-awards-2021/mens-t20i-player-of-the-year
එළඹෙන ජනවාරි 24 වනදා මෙම සම්මාන ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.