ඉන්දියාව වෙනුවෙන් අයි.සී.සී ය නීතිය නවයි – අයි.පී.එල් උදෙසා තවත් ක්‍රිකට් නීතියක් සංශෝධනය කෙරේ!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ක්‍රියාත්මක “බිග් ත්‍රී” පනතෙන් පසුව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍ය ඉන්දියාව සතුවුනා.

මේ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ දැන් පාලනය වෙන්නේ ඉන්දියාවට අවශ්‍ය අයුරින් යැයි කිරීම අතිශයෝක්තියක් නෙවෙයි.

මෙලෙසට ඉන්දියාවේ අවශ්‍යතාවය අනුව අයි.සී.සීය විසින් සිදු කළ තවත් නීතිය නැවීමක් දැක ගත හැකි වුනා.

එළඹෙන T20 ලෝක කුසලානය උදෙසා අවසන් සංචිතය නම් කිරීමේ අවස්තාව අයි.සී.සීය විසින් කණ්ඩායම් සඳහා ලබා දී තිබුනා. ඒ පසුගිය 11 වෙනිදායි.

මේ අනුව බොහෝ රටවල් සිය 15 දෙනෙකුගෙන් යුතු අවසන් සංචිත පසුගිය 11 වෙනිදා වනවිට නම් කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් ඉන්දියාව ඒ වනවිටත් අවසන් සංචිතය නම් කර තිබුනේ නෑ.

මෙවැනි පසුබිමකදී T20 ලෝක කුසලානය සඳහා අවසන් සංචිතය නම් කිරීමේ දිනය එළඹෙන 16 තෙක් දීර්ඝ කිරීමට අයි.සී.සීය කටයුතු කර තිබේ.

ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය ඉන්දීය ප්‍රීමියර් ලීගය අවසන් වන තෙක් කණ්ඩායම නම් කිරීමට අයි.සී.සීය විසින් ඉන්දියාවට අවස්තාව ලබා දීමක් බවය.

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගය හෙට (15) චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

මේ අනුව මෙම තරගයේත් ක්‍රීඩකයන්ගේ දක්ෂතා නීරික්ෂණය කරමින් අවසන් සංචිතය නම් කිරීමේ අවස්තාව ඉන්දියාවට හිමිව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button