ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය සඳහා ලංසු තැබීම අහෝසියි

ඉදිරියේදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන තරගාවලියන්හී සත්කාරකත්වය ලබාදීමේ බලය ලබාදීම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය හිමි කරගත්තා. ඒ අනුව මෙතෙක් පැවති සත්කාරකත්වය සඳහා ලංසු තැබීමේ ක්‍රමවේදය අහෝසි වී යනු ඇත.

ඒ පසුගියදා පැවැති අයි.සී.සී අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදි ලබා ගත් තීරණයක් අනුවය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල මෙම තීරණයට විධායක රැස්වීමේදි සහය පළ කළේය. මේ අනුව 2023 වසරේ සිට 2031 දක්වා කාළය තුල අයි.සී.සී තරගාවලි සඳහා සත්කාරකයන් තෝරා ගැනීම සිදු කරන්නේ විධායක සභාව මගින් ක්‍රියාත්මක කරන ක්‍රියාවලියකින් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේය.

මෑත කාලයේ අයි.සී.සී ප්‍රධානපෙළේ තරගාවලි සියල්ලම පාහේ බිග් ත්‍රී රටවල් වන ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව සහ එංගලන්තය අතර බෙදී ගොස් තිබීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button