අයි.සී.සී මාසයේ ක්‍රීඩකයා තේරීමට යයි – ඡන්දය පළ කරන්න ඔබටත් අවස්තාවක්

පසුගිය ජූලි මාසය සඳහා අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

ඒ අනුව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් , ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් මාෂ්, හා බටහිර ඉන්දීය ක්‍රීඩක හේඩ්න් වොල්ෂ් මෙලෙසින් මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වුනා.

මේ සමගම මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සදහාද ක්‍රීඩිකාවන් තිදෙනෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. පාකිස්තාන ක්‍රීඩිකා ෆාතිමා සනා සහ බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන් වන හේලි මැතීවුස් හා ස්ටෙෆනි ටේලර් ය.

මෙම සම්මානය හිමි වන්නේ ප්‍රේක්ෂක මනාප වලින් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් හී සාමාජිකයින් ඇතුළත් අයි.සී.සී මනාප ඇකඩමියේ මනාප වලිනි. එය රසික මනාප 10% සහ අයි.සී.සී මනාප 90%ක ප්‍රතිශතයක් ලෙස පවති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button