නවතම ශ්‍රේණිගත කිරීම් එළියට – මහීෂ් තීක්ෂණ තවත් ඉදිරියට!

අයි.සී.සී නවතම T20 ශ්‍රේණිගත කිරීම් එළිදක්වා තිබේ.

මෙහි පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි මෙතෙක් දෙවන ස්ථානයේ සිට බාබර් අසාම් සිව්වෙනි ස්ථානය දක්වා පසුබැස තිබේ.

එහි පළමු ස්ථානය තවමත් ප්‍රසාද ලකුණු 825 ක් හිමි කර ගත් මොහොමඩ් රිස්වාන්ට හිමිව තිබෙන අතර දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් ශ්‍රේණිගත ලකුණු 792 ක් හිමි කර ගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු ප්‍රමාණය 780 ක්.

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක පිතිකරුවන් අතර තවදුරටත් 8 වැනි ස්ථානයේ පසුවනවා.

T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය තවදුරටත් රැක ගැනීමට වනිදු හසරංග සමත්ව ඇති අතර, මහීෂ් තීක්ෂණ 7 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර් පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දක්වා ඇද දමමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button