අයි.සී.සීයෙන් ශ්‍රී ලංකාවට අසාධාරණයක් – ලෝක කුසලානයේ තෝරා ගැනීමේ වටය අවලංගු කෙරේ – 2022 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට! (Breaking News)

එළඹෙන අයි.සී.සී 2022 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරග මාලාව සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තෝරාගැනීමේ වටය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අවලංගු කර තිබේ.

ඒ අනුව ඉතිරි අවස්තා ශ්‍රේණිගත කිරීම් අනුව ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ.

මේ සමගම එළඹෙන 2022 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුව තිබේ.

මන්ද ඔවුන් සුදුසුකම් ලැබීමේ තරග වට ජයග්‍රහණය කළත්, ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් නොපසුවීම හේතුවෙනි.

මෙම අසාධාරණය පිළිබඳව ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකා ශ්‍රීපාලි වීරක්කොඩි සිය ෆේස්බුක් ගිණුමේත් සටහනක් පළ කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button