“තව ලකුණු 30-40ක් ගැහුවා නම් අපිට දිනන්න තිබුනා.” – විරාට් කෝලි

තවත් ලකුනු 30-40ක් ලබා තිබුනේ නම් තම කණ්ඩායමට තරඟයක්දී ටෙස්ට් ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් තිබූ බව ඉන්දීය නායක විරාට් කෝලි පවසනවා.

ඒ ඊයේ පැවති ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරඟය නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුළු 8කින් පරාජය වීමෙන් අනතුරුවයි.

නමුත්, තරඟයේ වැඩි ගෞරව නවසීලන්තයට හිමිවිය යුතු බවටද ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කලා.

“ ප්‍රථමයෙන්ම මම කේන් විලියම්සන් හා නවසීලන්ත කණ්ඩායමට සුබ පැතුම් එක් කරන්න කැමතියි. ඔවුන් තරගය පුරාවටම ඉතාම හොඳින් ක්‍රීඩා කරමින් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් තරග වැදුණා. ඔවුන් එය සම්පූර්ණ දින තුනක වගේ කාලයක් ඇතුලතදී ඉටුකර ගනු ලැබීම පිළිබඳව මම ඔවුන්ට සුබ පැතුම් එක්කරනවා. ඔවුන් මෙම තරගය පුරාවටම අපිව පීඩනයට පත් කරමින් ඉතාම හොදින් ක්‍රීඩා කරනු ලැබුවා. ඔවුන් මෙම තරගය ජයග්‍රහණය කිරීමට ඉහළින්ම සුදුස්සන් වනවා. අපේ පන්දු යවනන් ඉතාම හොදින් නවසීලන්ත පළමු ඉනීම පාලනය කරනු ලැබුවා. නමුත් අවසන් දවසේ උදෑසන ලොකු වෙනසක් ඇතිවුණා. ඔවුන්ගේ පන්දු යවනන් හරිම සැලැස්මකට හරිම විදියකට පන්දු යවමින් නවසීලන්තය දෙසට තරගය රැගෙන ආවා. අපි ලකුණු 30 – 40 ක් අඩුවෙන් ලබාගත්තේ. තවත් ලකුණු 40 ක් වගේ තිබුණා නම් හොද සටනක් ලබාදෙන්න තිබුණා. ඉන්දීය සංචිතය තරගයට පෙර නම් කළා කියා මට කිසිම කණගාටුවක් හෝ පසුතැවීමක් නෑ. මෙම නම් කළ කණ්ඩායම තමයි මම තරගය සදහා ක්‍රීඩා කරන්න සුදුසුම කණ්ඩායම”  යනුවෙන් විරාට් කෝලි සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button