ලෝක කුසලානය අභියස ඉන්දීය ක්‍රිකට් දෙදරා යාමක් – මාධ්‍ය සහ රසිකයන් නිසා කණ්ඩායම දෙකට බෙදෙයි!

එළඹෙන T20 ලෝක කුසලානය ඇරඹීමට ඉතාමත් සුලු කාලයක් පවතිද්දී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත බෙදීමක් ඇතිව තිබෙනවා. කණ්ඩායමේ නායකත්වය සහ පුහුණුකාරීත්වය උදෙසා ඇතිව තිබෙනා මෙම බෙදීමට එරට ක්‍රිකට් රසිකයන් සහ මාධ්‍යය දැඩි ලෙස හේතුවක් වී තිබෙනවා.

ඊයේ (12) ඉන්දියාව පුරාම ලැව් ගින්නක් සේ පැතිරී ගිය රාවය වූයේ ඉන්දීය නායක විරාත් කෝලී නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බවයි. Times Of India වැනි එරට ප්‍රධාන පෙළේ මාධ්‍යය පවා මෙම ප්‍රචාරය පළ කර තිබුනි. එහිදී කියවුනේ විරාත් කෝලිගෙන් හිස්වූ නයකත්වයට, රෝහිත් ෂර්මා පත් කෙරෙනු ඇති බවයි.

විරාත් කෝලී සහ රෝහිත් ෂර්මා අතර නායකත්ව විවාදය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ කලක පටන් පවතින්නක් වන අතර රසිකයන් සහ මාධ්‍ය ප්‍රධාන වශයෙන් මෙම වාදය පෝෂණය කරමින් තිබෙනවා. ඉන්දීය ප්‍රීමියර් ලීගය ආශ්‍රිතව රසිකයන් බෙදීම මෙම වාදයට ප්‍රධාන හේතුවයි. මුම්බායි ආශ්‍රිත රසිකයන් සහ මාධ්‍යය රෝහිත් ෂර්මාට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි විය යුතුයැයි පවසන්නේ කලක සිටයි.

කෙසේ වෙතත් විරාත් කෝලි ඉන්දීය සීමිත පන්දුවාර කණ්ඩායම්හී නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බවට පලවූ මෙම වාර්තා අසත්‍ය බව ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. එම ආයතනය ප්‍රකාශ කළේ එවැනි කිසිඳු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

රෝහිත් ෂර්මා දැනට ඉන්දීය ප්‍රීමියර් ලීග් ශූරතා පහක් දිනාගෙන ඇති අතර, කලක පටන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වය දරන විරාත් කෝලී කිසිඳු IPL ශූරතාවයක් දිනාගැනීමට සමත්ව නැහැ. ඒ හේතුවෙන් මුම්බායි ආශ්‍රිත රසිකයන් සහ මාධ්‍ය, විරාත් කෝලීට වඩා රෝහිත් ෂර්මා දක්ෂ නායකයෙකු බව දිගු කලක පටන් ප්‍රකාශ කරන්නක්.

කෙසේ වෙතත් මෙම පුවත පිළිබඳව ඉන්දීය නායක විරාත් කෝලී තවමත් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැත. ලෝක කුසලානයට කෙටි කලක් තිබියදී මෙවැනි අභ්‍යන්තර අර්බුධ හට ගැනීම ඉන්දීය ලෝක කුසලානයට බාධාවක් බව විචාරකයන් පවසනවා. ඉන්දියාව මෙවර ලෝක කුසලානය ජය ගනිතැයි විචාරකයන් අනාවැකි පළ කරන ප්‍රමුඛ කණ්ඩායමකි.

සමාජජාලා මාධ්‍යයේ විරාත් කෝලී විවේචනය කරනා රෝහිත් ෂර්මා රසිකයන්ගේ නිර්මාණයක්

රෝහිත් ෂර්මා විවේචනය කරනා විරාත් කෝලි රසිකයන්ගේ නිර්මාණයක්

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button