ඉන්දීය ක්‍රිකට් නායකත්ව අර්බුධය උග්‍රයි – විරාත් කෝලිගෙන් ගංගුලිට ප්‍රහාරයක්!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඇතිව තිබෙනා නායකත්ව අර්බුධය උග්‍ර අතට පත්ව තිබේ.

ඒ විරාත් කෝලි මාධ්‍ය හමුවකදි එරට ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි ඇතුලු ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමත් සමගයි.

මින්පෙර සෞරව් ගංගුලි ප්‍රකාශ කළේ විරාත් කෝලිගෙන් T20 නායකත්වයෙන් ඉල්ලා අස් නොවෙන ලෙසට තමන් ඉල්ලීමක් සිදු කළ බවත්, කෝලි එය ප්‍රතික්ෂේප කළ බවත්ය.

සීමිත ඕවර තරග ආකෘති සඳහා එක් නායකයෙක් පමණක් සිටීම වඩා හොඳ යැයි ක්‍රිකට් පරිපාලනය තීරණය කළ නිසා කෝලි එක්දින නායකත්වයෙන්ද ඉවත් කළ බවත් ගංගුලි ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ සඳහා පිළිතුරු දෙමින් විරාත් කෝලි ප්‍රකාශ කළේ කිසිවෙක් තමන්ට T20 නායකත්වයේ සිටිනා ලෙසට ඉල්ලීමක් කළේ නැති බවයි.

මේ සමගම මෙම ගැටලුවට තවත් මාධ්‍ය ආවරණයක් හිමි වූවා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා තමා ක්‍රීඩා කරන බව විරාට් කෝලි පවසනවා.

ඒ, ඔහු අදාළ තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත්, ඊට අදාළ ඉල්ලීමක් ඉන්දීය ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති බවටත් පල වන ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින්.

දකුණු අප්‍රිකා සංචාරය සදහා පිටත්ව යාමට පෙර මුම්බායි හී දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෝලි මේ බව කියා සිටියා.

එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් කෝලි ඉවත් කිරීමේ සිද්ධිය පිළිබද විවිධ මාධ්‍ය වාර්තා පසුගිය දිනවල පලවූ අතර, එම නව පත් කිරීම සම්බන්ධයෙන් තේරීම් කමිටු රැස්වීමට පැය එකහමාරකට පෙර තමාව දැනුවත් කළ බවයි කෝලි සදහන් කළේ.

“ටෙස්ට් සංචිතයේ තේරීම්වලට පැය එකහමාරකට පෙර මාව සම්බන්ධ කර ගත්තා. තේරීම් කමිටු ප්‍රධානියා මා සමග ටෙස්ට් සංචිතය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දුරකතන ඇමතුම අවසන් වීමට පෙර මට කීවා තේරීම් කමිටු නිළධාරීන් පස් දෙනා තිරණය කරලා තියෙනවා කියලා මම තවදුරටත් එක්දින කණ්ඩායමේ නායකයා නෙවෙයි කියලා. මේ ගැන කලින් සන්නිවේදනයක් වෙලා තිබුණේ නැහැ”

යනුවෙන් විරාට් කෝලි කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button