ඉන්දියාව සිය ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජය ලබයි – කෝලී අඩියක් පසුපසට!

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(6) සමත් විය.

ඒ, දෙරට අතර මුම්බායිහි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 372ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

එය ඉතිහාසගත වූයේ ඉන්දීය කණ්ඩායමක් විශාලතම ලකුණු පරතරය ලබා වාර්තා කළ ජය ලෙසින් වීම විශේෂත්වයක්.

තරගය ජය ගැනීම සදහා ලකුණු 540ක යෝද ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට තරගයේ සිව්වන දිනය වන අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණි.

එහිදි නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ පන්දු යවන්නන් ලෙස ඩැරල් මිචෙල් ලකුණු 60ක් හා හෙන්රි නිකල්ස් ලකුණු 44ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් හා ජයන්ට් යාදව් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 325ක් ලබා ගත්තේ යොවුන් පිතිකරු මයාන්ක් අගාර්වල් ලබා ගත් ලකුණු 150න් සවිමත් වෙමින්. එහිදී නායක විරාත් කෝලි ලකුණු 0ට දැවී යාම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් අජාස් පටෙල් කඩුලු 10ම දවා ගැනීම කැපී පෙනුණා.

පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා රැස් කර ගත හැකි වූයේ ලකුණු 62ක් පමණයි. ඉන්දීය දෙවැනි ඉනිම අත්හිටුවීමට ඔවුන් තීරණය කළේ කඩුලු 7ක් දැවී ලකුණු 276ක් ලබා සිටියදීයි.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් ද සාර්ථක පිතිහරඹයක නිරත වූ මයාන්ක් අගාර්වල් ලකුණු 62ක් ලබා ගත් අතර, අජාස් පටෙල් කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා. එහිදී විරාත් කෝලී ලකුණු 36ක් රැස් කළා.

කාලයකට පසු ප්‍රථම වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි මුල් ස්ථාන පහෙන් ඉවත් වූ විරාත් කෝලීට මේ සමගම සිය 72 වෙනි ටෙස්ට් ශතකය ලබා ගැනීම තවත් අඩියකින් පසුපසට ගැනීමට සිදුවුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button