ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් නිවේදනය කෙරේ

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් එරට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සදහා ලබා දුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් නිවේදනය කළා.

වසර ගණනාවක් ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය දරමින් එරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ සේවයක් සිදු කළ මිතාලි රාජ් A ඛාණ්ඩයේ සිට B ඛාණ්ඩයට පහත හෙළා තිබීම මෙහි කැපී පෙනෙනවා. එයට අමතරව 17 හැවිරිදි ශෆාලි වෙර්මා B කාණ්ඩයේ කොන්ත්‍රාත් ගිවිසුමක් දක්වා උසස් වීමක් ලබා තිබීමත් විශේෂත්වයක්.

ඉන්දීය රුපියල් ලක්ෂ 50ක වටිනාමක් සහිත A කාණ්ඩයට ක්‍රීඩිකාවන් තිදෙනෙක් අයත් වෙනවා. ඒ අනුව හර්මන්ප්‍රීට් කොවුර්, ස්ම්රිටි මන්ධනා සහ පූනාම් යාදෙව් එම කාණ්ඩයට ඇතුළත්. එම ඛාණ්ඩයට ඉන්දීය රුපියල් ලක්ෂ පනහක මුදලක් පිරිනැමෙනවා. එය ශ්‍රී ලංකාවේ මුදලින් එක්කෝටි තිස් හත්ලක්ෂයක් පමණ වෙනවා.

ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ගිවිසුම් මුදල්ද එයට වඩා අඩු වීම විශේෂත්වයක්.

නව කොන්ත්‍රාත් ගිවිසුම් හිමිව ඇති ආකාරය –

Grade A (INR 50 Lakh): Harmanpreet Kaur, Smriti Mandhana, Poonam Yadav

Grade B (INR 30 Lakh): Mithali Raj, Jhulan Goswami, Deepti Sharma, Punam Raut, Rajeshwari Gayakwad, Shafali Verma, Radha Yadav, Shikha Pandey, Taniya Bhatia, Jemimah Rodrigues

Grade C (INR 10 Lakh): Mansi Joshi, Arundhati Reddy, Pooja Vastrakar, Harleen Deol, Priya Punia, Richa Ghosh

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button