“සංගක්කාර ලකුණු දාගන්න එංගලන්ත ක්‍රීඩකයෝ ගෙනාපු නිසයි රාජස්ථාන් පැරදුනේ” සංගාට චෝදනාවක්!

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මූලීක වටයේ තරග ඊයේ (08) අවසන් වුනා. එහිදී දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර් බැංගලෝර් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවා.

මෙහිදී මුම්බායි ඉන්ඩියන්ස්, සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ කිංග්ස් ඉලවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් මෙවත තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වූවා.

එහිදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන විසින් දැරූ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර කටයුතු කළා.

තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හිමි වුයේ හත් වෙනි ස්ථානයයි.

මේ හේතුවෙන් ඇතැම් ඉන්දීය ක්‍රීඩා විචාරකයන් කුමාර් සංගක්කාර විවේචනය කරමින් සිටිනවා. ඒ ඔහුගේ දුර්වලතාවය හේතුවෙන් රාජස්ථාන් කණ්ඩායම මෙලෙසට තරගාවලියේ අසාර්ථක වූ බව කියමින්.

ඔවුන් ප්‍රකාශ කරන්නේ MCC ක්‍රීඩා සමාජයේද සභාපතීත්වය දැරූ කුමාර් සංගක්කාර, එංගලන්තයට පවතින අනවශ්‍ය ලබැඳියාව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසයට හේතුව බවයි.

කුමාර් සංගක්කාර විසින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් ලෙස වැඩියෙන් එංගලන්ත ක්‍රීඩකයන් මිලට ගැනීම මෙම කඩා වැටීමට හේතුව බවත් ඔවුන් පෙන්වා දෙනවා.

බෙන් ස්ටෝක්ස්, ජොෆ්‍රා ආර්චර්, ජොශ් බට්ලර්, ලියම් ලිවින්ග්ස්ටෝන් යන ක්‍රීඩකයන් රාජස්ථාන් සංචිතයට ඇතුලත් වූ නමුත් ඔවුන් බහුතරය තරගාවලියට එක්වූයේ නැහැ.

කෙසේ වෙතත් ඉන්දීය විචාරකයන්ගේ මෙම චෝදනා පුස්සක් වන්නේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ හොදම ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේ ක්‍රීඩා නොකළ අතර, එය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට විශාල පාඩුවක් වීම හේතුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button