අයි.පී.එල් පිටියේ සාර්ථකම කණ්ඩායම – තලා දෝනීගේ CSK මුහුණ දෙන 9 වන අවසන් මහා තරගය අදයි!

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය ප්‍රීමියර් ලීගයේ සාර්ථකම කණ්ඩායම ලෙස සැලකෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සහභාගී වන්නේ සිය 9 වැනි අවසන් මහා තරගයටයි. ඔවුන් දිනා තිබෙන I.P.L ශූරතා ගණන තුනක්.

සිය තෙවැනි අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කොල්කටා කණ්ඩායම මෙම තරගය සදහා මුහුණ දෙන්නේ ඉතිහාසයේ තෙවැනි වරටත් අයි.පී.එල් ශූරතාවය තම නම ඉදිරියේ සටහන් කර ගැනීමේ අරමුණින්.

ඔවුන් මින් පෙර 2012 හා 2014 වසරවලදී අයි.පී.එල් ශූරතාවය දිනා ගත්තා.

කෙසේ වෙතත් අද තරගය ජය ගැනීමට වැඩිම ඉඩක් පවතින කණ්ඩායම වන්නේ KKR කණ්ඩායමයි. මන්ද තරගාවලිය පවතින එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ තනතීරු වල වැඩිපුරම දක්ෂතා දැක්වූ කණ්ඩායම KKR කණ්ඩායම වීම නිසයි.

මෙවර තරගාවලිය ඉන්දියාවේදි පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදුවන විට කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටියේ 7 වන ස්ථානයේ යි. ඒ, තරග 7කදී ජයග්‍රහන 2ක් පමණක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, පසුගිය 19 වනදා තරගාවලිය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේදී යළි ආරම්භ වීමෙන් අනතුරුව ඔවුන් ධනාත්මක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් මූලික වටය අවසන් කළේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමි කර ගනිමින්.

අවසන් වටයේ(Playoffs) දෙවැනි තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කළ ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් නයිට් රයිඩර්ස් පිල අවසන් වටයේ තෙවැනි තරගයේ දී මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button