කැරිබියන් ප්‍රීමියර් ලීගයේ ඉසුරු උදාන එල්ල කළ යෝද හයේ පහරවල් නයිට් රයිඩර්ස් කණ්ඩායම දිනවූ හැටි! (VIDEO)

කැරිබියන් කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) විස්සයි වීස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වුනා. මෙහිදී ඉසුරු උදාන ක්‍රීඩා කරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සුපිරි දස්කම් දැක්වූ අතර, ඒ සඳහා ඉසුරු උදානගේ දායත්වය කැපී පෙනුනා.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් අතර පැවැති තරගයෙන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු හතරක ජයක් ලැබූවා. එහිදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ දක්ෂතා ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් වූවා.

එම ජයත් සමගින් නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණීමද විශේෂත්වය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා. එහිදි සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන සිය පන්දුවාර 4 තුළ කඩුලු දෙකක් දවා ගත්තේ ලකුණු 28ක් පමණක් ලබා දෙමින්. ප්‍රවේගකාරී පිතිකරු ඩ්වෙයින් බ්‍රාවෝ සහ ඩොමිනික් ඩ්‍රේක්ස් මෙලෙසින් ඉසුරු උදානගේ පන්දු හමුවේ දැවී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා තරගය ජය ගත්තා. එහිදි ඉසුරු උදාන අවසන් පන්දුවාර වල වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජය තහවුරු කළා. එහිදි ඉසුරු උදාන පන්දු 16කින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා. ඉසුරු උදානගේ එම ඉනිමට හයේ පහර තුනක් ඇතුලත් වුනා.

කිරන් පොලාර්ඩ් විසින් නායකත්වය දරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 10ක් ක්‍රීඩා කර ඉන් තරග හයක් ජය ගැනීමට සමත් වුනා. ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

තරගාවලියේ අවසන් පූර්ව තරග අද සිට ආරම්භ වෙනවා.

ඉසුරු උදානගේ ඉනිම පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button