“මට ඇතුලෙන් කැපිල්ලක් තියනවා කියලා මම අනිවාර්යෙන් කියනවා.”- භානුක රාජපක්ෂ

පසුගියදා අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් භානුක රාජපක්ෂ දැක්වූ අදහස් කතාබහට ලක්වෙමින් තිබේ.

එහිදි භානුක රාජපක්ෂ පවසන්නේ තමන්හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ පුහුණුකරුවන්ගෙන් දැඩි අසාධාරණයක් සිදුවෙන බවත්, දිගින් දිගටම කැපිල්ලක් ක්‍රියාත්මක බවත්ය.

එහිදි භානුක ප්‍රකාශ කළේ

“මගේ වයස දැන් වයස 29 ක්. ඉස්සර මට කිව්වා සෙල්ලම් කරන්න තරම් මගේ වයස මදි කියලා. දැන් වයස වැඩිද කියන්න දන්නේ නෑ. එයාල මට කතා කලේ නෑ, බංග්ලාදේශයට ගිය කණ්ඩායම තරුණ කණ්ඩායමක් කීවට අශේන් මල්ලි පැතුම් මල්ලි තමයි තරුණ. අනිත් හැමෝම අත්දැකීම් තියෙන තරග ක්‍රීඩා කරල තියෙන ක්‍රීඩකයින් “

“මම T20 එක තරගයක් විතරයි ෆේල් උනේ. මම සෙල්ලම් කරපු ඉනීන්ස් 6 බැට් කලේ පොසිශන්ස් 4 ක. ෆේල් උන ඉනීමේ මිකී ආතර් කීවේ ගල්වුස් එක අතේ තියාගෙන දිව්වා කිසිම කමිට්මන්ට් එකක් නෑ කියලා ” යනුවෙනි.

තවදුරටත් අදහස් දැක්වූ භානුක

“ලීග් ගොඩකින් සෙල්ලම් කරන්න ආරාධනා ආවත් මට යන්න දුන්නේ නෑ, ලංකාවේ සීරීස් ගහන්න තියෙනවා කියලා. අන්තිමට ඒවා මට දුන්නෙ නෑ ස්කින් ෆෝල්ඩ් එක වැඩී කියලා. මම ඒකත් වල්ඩ් කප් එකට කලින් හදාගන්නවා. මට මෙච්චර අසාධාරණයක් වෙන්න හේතුව අහන්න මම වතාවක් ඇෂ්ලි ද සිල්වාව හමුවෙන්න appointment එකක් දැම්මා, ඒත් මට ඔහුව හමුවෙන්නවත් ලැබුනේ නෑ. එයාලා කියන්නෙ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක කතා කරන්න පුලුවන් කියලා ඒත් මම ගන්න කෝල්ස් එකක්වත් එයාලා Answer කරන්නෙ නෑ. ඒකට හේතුව මම දන්නෙ නෑ .” යනුවෙන්ද ප්‍රකාශ කළා.

“මම ඇල්කොහොල් පවා නවත්තලා ක්‍රිකට් වලට 100% ක් ෆෝකස් කරා. පොඩි කාලේ ඉඳන් මගේ ඇඟේ තිබුනෙ ක්‍රිකට් මට ලංකාවට සෙල්ලන් කරන්න සත පහක්වත් ඕන නෑ, ⁣⁣දැන් තියෙන්නෙ ප්‍රොෆෙශනල් ක්‍රිකට් අනිවාර්⁣ය⁣යෙන්ම ක්‍රිඩකයෙක්ට කන්ටෑක් එකක් තියෙන්නම ඕනි. මට ඒකත් අහිමි වෙලා.

ලංකාව කියන්නේ මගේ රට. මම ලංකාවට ගහන්න තවමත් ආසයි.අපි වරදක් නොකරම අපිව ක්‍රිකට් වලින් එලියට දාලා, මට මේ ගැන කලකිරීමක් තියෙනවා. වෙන ආසාධාරණකම් ටිකක් ඉවසන්න අමාරුයි.මං අනිවාර්යයෙන්ම කියනවා මට වෙන හැන්දකින් බෙදනවා කියලා..” යනුවෙන්ද වැඩි දුරටත් ප්‍රකාශ කල සිටියා.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button