ලෝක කුසලානයක් ඉදිරියේ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයන් ඉවත් කිරීම නුසුදුසුයි – ඩිල්ශාන්

එළඹෙන 2023 ලෝක කුසලානය අභිමුව කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කිරීම නුසුදුසු බව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඔහු පවසන්නේ ලහිරු තිරිමාන්න සහ ඇන්ජෙලෝ මැතිව්ස් යන ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනා වටා කණ්ඩායම ගොඩ නැගිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිල්ශාන්

“ලෝක කුසලානයක් ලඟ තියාගෙන එකපාරටම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ව එළියේ තියන එක සුදුසු නෑ. කණ්ඩායමක මැද පෙළට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අවශ්‍යයි. බංගලාදේශ සංචාරයේදී අපි දැක්කා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් නැති වීම නිසා වුණ පාඩුව. නවක ක්‍රීඩකයින් අවශ්‍යයි. නමුත් එකපාරටම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින් නැතුව, අත්දැකීම් බහුල හොඳ මැදපෙළ ක්‍රීඩකයින් නැති වුණාම උඩින් එන පිතිකරුවන්ට බය නැතුව පහරක් දෙකක් ගහන්න බැරි වෙනවා.”

“කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දනුශ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා වගේ තරඟ වැඩි ගණනක් ක්‍රීඩා කරලා තියන ක්‍රීඩකයින් සිටියත්, මැද පෙළ ක්‍රීඩා කරලා තරඟ දිනවලා දෙන්න කවුරුත් නැහැ. අඩුම ගානේ ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්නව සමඟ හරි ක්‍රීඩා කරන්න තිබුණා.ඇන්ජලෝ මැතිවුස් මේ දවස්වල හොඳට ලකුණු ගහන්නේ නැහැ. නමුත් මැතිව්ස් ලංකාවේ මැච් ගොඩක් දිනවලා දීලා තියනවා.” යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button